දීප්තිමත්ව බබළන අපූරු සුනඛයා


දකුණු කොරියානු විද්‍යාඥයින් පිරිසක් ජාන තාක්ෂණය අඳුරේදී දීප්තිමත්ව බබළන අපූරු සුනඛයෙකු නිර්මාණය කිරීමට සමත්ව තිබේ. බීගල් වර්ගයේ සුනඛයකු මෙම පර්යේෂණය සඳහා යොදාගෙන ඇති අතර ඒ සඳහා පවුම් මිලියන 02 ක් වැය වී තිබේ. විශේෂත්වය වන්නේ බල්බයක් නිවෙන දැල්වෙන ආකාරයෙන් මෙම දීප්තිය පාලනය කළ හැකිවීමය. පාරජම්බුල කිරණ අතර පමණක් සුනඛයාගෙන් නිකුත්වන මෙම ආලෝකය දැකිය හැකි අතර මෙම ක්‍රමය විවිධ රෝග කාරක සොයාගැනීමේ ක්‍රමයක් ලෙස භාවිත කළ හැකි බව ද විද්‍යාඥයින් පවසයි.
දීප්තිමත්ව බබළන අපූරු සුනඛයා දීප්තිමත්ව බබළන අපූරු සුනඛයා Reviewed by පුදුමහත on 10:21 PM Rating: 5