ගැබ්බර මිනිසා මවක් වෙයි

ගැබ්බර මිනිසා නමින් හඳුන්වන තෝමස් බීට් පසුගියදා නිරෝගී ගැහැනු දරුවෙකු බිහිකලා.ඇමරිකානු ජාතික බීට් 1974 වර්ශයේ උපත ලබා ඇත්තේ ට්‍රෙසි නැමති දැරියක ලෙසින්.කෙසේ වුවද ලිංගික විපර්යාස හෝමෝන භාවිතයෙන් අර්ධ වශයෙන් පිරිමියෙකු වූ බීට් වයස අවු.24 දී කායවර්ධන ශූරියක වූ නැන්සි හා විවහ විය.මොවුන්ගේ පලමු දරුවාගේ උප්පැන්නය සකස් කිරීමේදී දරුවා ප්‍රසූත කල තෝමස් දරුවාගේ මව ලෙසත් නැන්සි දරුවාගේ පියා ලෙසත් සලකන බව දැනුම්දෙනු ලැබීය.මේ වෙනුවෙන් සටන් කල ඔවුන් මව ලෙස නැන්සි ද පියා ලෙස තෝමස් ද සටහන් කරවන ලදි.මෙම දෙපලගේ විශේෂත්වය වනුයේ තෝමස් දරුවන් බිහිකරන විට ජීව විද්‍යාත්මක බැඳීමක් නොමැති නැන්සිට දරුවාට දීමට කිරි උනන බවයි.මෙම අපූරු යුවල අප්‍රසිද්ධියේ ජීවත් වීමට කැමති බව වාර්තාවේ.
ගැබ්බර මිනිසා මවක් වෙයි ගැබ්බර මිනිසා මවක් වෙයි Reviewed by පුදුමහත on 8:20 PM Rating: 5