ලෝකයේ සිටින දරුණුම බලු වර්ග 5ක්.



ලෝකයේ සිටින බල්ලන් වර්ග අතරින් දරුණුම ගති ඇති බලුවර්ග 5ක් ඉදිරිපත් කිරීමට අප සූදානම්. කෙසේ නමුත් මෙම බල්ලන් අපට නිතර දකින්න ලැබෙන බොහොම මිත්‍රශීලී බල්ලන්. ඉතින් මේ ලැයිස්තුව පිලිබඳව බොහෝ දෙනා සැකපළ කරනවා.මෙහි දැක්වෙන ආකාරයට, මෙම බල්ලන් දරුණුවන්නේ, නිසි පුහුණුවක් හෝ ආදරය කරුණාව නැතිවිට පමණයි.

Boxer - බොක්සර් බල්ලන්.

 බොහෝ විට මෙම බල්ලන් පීටර් පෑන් බල්ලන් ලෙස හඳුන්වනු ලබනවා. මොවුන් ඉතා ශක්තිමත්, ක්‍රියාකාරී බලු විශේෂයක්. ආරක්ශක බලු විශේෂයක් ලෙසත් මෙම බල්ලන් ප්‍රසිද්ධ වී ඇත.

Wolf Hybrid - වෘක දෙමුහුන්.

මොවුන් ඇත්තම බලු විශේෂයක් ලෙස සැලකෙන්නෙ නෑ. වෘක හා සුනඛ දෙමුහුන් කිරීමක් මගින් මෙම සතුන් නිපදවා තිබෙනවා. කුඩා ලමුන් ඇති ගෙවල් වල මෙම සතුන් ඇති කිරීම භයානක බව පැවසෙනවා.

 

Rottweiler - රොට්වයලර්.

සුනඛ ලෝකයේ හර්කියුලීස් ලෙස හඳුන්වනු ලබන්නේ මේ සුනඛ විශෙෂයයි. ශක්තිමත් සිරුරක් හා ආදරනීය හදවතක් ඇති මෙම සුනඛයන් , ඉතා හොඳ ආරක්ශකයන් ලෙස හඳුන්වයි.  

 

Doberman- ඩොබමන්

ආරක්ශක සුනඛයන් ලෙස වර්ගකර ඇති මෙම සුනඛයන් ඉතා ක්‍රියාශීලිවේ. අකාරුණික වීම මත මෙම සුනඛ වර්ගය ඉතා දරුණු වියහැකිබව සඳහන්.

 

Pit Bull - පිට්බුල්

නම ඇසූ පමණින්ම හඳුනන මෙම විශේෂය ඉතා දරුණු විශේෂයක් ලෙස සැලකෙනව. මොවුන්ගේ ආක්‍රමණයන් පිලිබඳ ඇතිතරම් වීඩියෝ අන්තර්ජාලයේ සොයාගන්න පුලුවන්.කෙසේ නමුත් සමහර අය නම් මේගැන දක්වන්නේ වෙනස්ම මතයක්. මොවුන් ඉතා අහින්සක "කුඩා ලමුන් බලා ගැනීමට යොදා ගන්නා" Nanny Dog ලෙස හැඳින්විය හැකිබවයි ඔවුන්ගේ මතය.  

උපුටා ගැනීම - Most Dangerous Dog Breeds in the World

 

 

ලෝකයේ සිටින දරුණුම බලු වර්ග 5ක්. ලෝකයේ සිටින දරුණුම බලු වර්ග 5ක්. Reviewed by පුදුමහත on 1:46 AM Rating: 5