දින කිහිපයක් තුළදී වයසට ගිය කතක්


23 වියේ රූමත් යුවතියක් ව සිටි වෙන්-ටී-ෆුන් නම් ඇය එක් දිනකදී ආහාර අසාත්මිතවයකින් පෙළී ඇති අතර, නිසි වෛද්‍ය ප‍්‍රතිකාර ලැබීමට ආර්ථික ශක්තියක් නොපැවති හෙයින් ඇගේ සැමියා විසින් එක්තරා බෙහෙත් ශාලාවකින් ඇයට ඖෂධ ගෙනවිත් දී තිබේ.මෙම ඖෂධ ගැනීමෙන් අනතුරුව දැඩි කුෂ්ඨ රෝගයකට ලක් වූ ඇය වහාම දේශීය ප‍්‍රතිකාර වල සරණ පතා ඇති අතර, මාස 6ක් දේශීය වෛද්‍ය ප‍්‍රතිකාර සිදුකිරීමෙන් පසුව කුෂ්ඨ රෝගය සුව වුවද, ඇගේ සම වයස්ගත කාන්තාවකගේ මෙන් දිස්වී ඇත.කෙසේ වෙතත් ඇගේ හිසකෙස්, කටහඬ හා ශරීර ඉන්ද්‍රීයයන් වල කි‍්‍රයාකාරීත්වය තවමත් තරුණ කතකට සමාන බව වාර්තා වේ.කෙසේ වෙතත් මේ සියළු කරදර මධ්‍යයේ සිය සැමියාගේ නොසැලෙන ආදරය තමාට විශාල ශක්තියක් වූ බව ඇය පවසයි.
දින කිහිපයක් තුළදී වයසට ගිය කතක් දින කිහිපයක් තුළදී වයසට ගිය කතක් Reviewed by පුදුමහත on 6:39 PM Rating: 5