ජපානයට පැමිණි අබිරහස් නැව්

ජපානය කියූවිට අපට මතක් වන්නේ නව තාක්ශණයයි. නමුත් පසුගියදා වෙනස්ම ආකාරයේ පුවතක් අසන්නට ලැබුනා. තම රටටම කියා ආරක්ශක හමුදාවක් නැති එකම රට වූ ජපානයට පැමිණි අද්භුත නව්කාවන් 11ක් පැමිණ තිබුනා.

ජපාන වෙරලට විටින්විට ගොඩගැසූ මේ නව්කාවන් වල දැඩිලෙස  කුනුවූ හෝ ඇටසැකිලි බවට පත්වූ සිරුරු දක්නට ලැබුනා.මෙලෙස සිරුරු 20ක් පමණ තිබෙන්නට ඇති බවට NHK ගුවන්විදුලිය ප්‍රකාශ කර සිටියා..මේවායේ අනන්‍යතාවය හෝ නැව් පැමිණි ප්‍රදේශ පිලිබඳව සොයාගන්නට සලකුණක් තිබී නෑ. කෙසේ නමුත් උතුරු කොරියානු ධජයක් යැයි සැලකෙන කොටසක් හමුවී තිබෙනව. එමෙන්ම එක් නැවක බරාදයේ කොරියානු හමුදාව ලෙසින් හඳුනාගත හැකි අකුරු පේලියක් ඇති බවට කියවෙනවා.

මෙම නැව් වල කිසිදු නවීන තාක්ශණික උපකරණ් තිබී නැහැ.GPS තාක්ශනය පවා නොමැතිව ගමන් ගෙන ඇති මෙම නව්කා භාවිතා කර ඇත්තේ යල් පැනගිය උපකරණ වේ.
කෙසේ නමුත් සමහරු විශ්වාස කරන්නේ කොරියානු නායක කිම් ජෝන්-උන්-ගේ අන්තවාදීන්ගේන් පැන ආ සිරකරුවන් මෙලෙස මියයන්නට ඇති බවයි.
ලොවම ජයගත් ජපනා, ඉදිරියේදී මෙම අභිරහස් වලට පිලිතුරු සොයා ගන්නවා ඇත.

තොරතුරු දියග පුවත්පත හා අන්තර්ජාලය ඇසුරෙන්.
ජපානයට පැමිණි අබිරහස් නැව්  ජපානයට පැමිණි අබිරහස් නැව් Reviewed by පුදුමහත on 9:17 PM Rating: 5