2015 සිට විනෝදයට හඳට යමු

බ්‍රිතාන්‍ය සමාගමක් මේ දිනවල මිනිසුන් විනෝදය පිනිස හඳට යවන ක්‍රමයක් ගැන සැලසුම් කරමින් සිටිනවා.මූලික පියවර වශයෙන් සෝවියට් යුගයේ පැවති අභ්‍යාවකාශ මධ්‍යාස්ථානයක් නවීකරණය කොට එය පෘතුවියට සැතපුම් පන්ලක්ෂයක් ඈත අභ්‍යාවකාශයේ රඳවා රොකට් මගින් එයට සංචාරකයන් යැවීමට සංචාරක සමාගම කටයුතු කරගෙන යනවා.2015 දී මෙම ගමන සිදුකිරීමට නියමිතයි."ආට් ඩුලා" නම් සංචාරක සමාගම මේ සඳහා ටිකට් විකිනීමට දැන් පටන් ගෙන තිබෙනවා.ටිකට් පතක මිල පවුම් මිලියන 100."ආට් ඩුලා" සමාගම සෝවියට් දේශයෙන් "අල්මාස්" වර්ගයේ අභ්‍යාවකාශ මධ්‍යාස්ථාන දෙකක් මිලට ගෙන තිබෙනවා.මෙම මධ්‍යාස්ථාන තුල හදිසි අවස්ථාවලදි ආරක්ෂණ වැඩපිලිවෙලක්ද තිබෙන බව සඳහන්.
2015 සිට විනෝදයට හඳට යමු 2015 සිට විනෝදයට හඳට යමු Reviewed by පුදුමහත on 8:19 PM Rating: 5