අඟහරු ග්‍රහයා මත දුම්රිය ස්‌ථානයක්‌


අඟහරු යැයි කියන විටම අපට සිහියට එන්නේ පිටසක්වල ජීවීන්.අඟහරු ග්‍රහයා මත දුම්රිය ස්‌ථානයක්‌, දුම්රිය පාරක්‌ සහ දුම්රිය මැදිරියක්‌ තිබෙන බව ඇසුවොත් ඔබ මවිතයට පත්වනු ඇත. එහෙත් අඟහරු ග්‍රහයාගේ ඡායාරූප විමර්ශනය

කිරීමෙන් ජෝශප් ස්‌නිපර් නමැති අභ්යහවකාශ ගවේශකයා අඟහරු ග්‍රහයා මතුපිට ඇති විශාල ආවාටය අසල විවිධ ඉදිකිරීම් ද ක්‍රියාත්මක වී ඇතැයි කියා සිටී. මේ රහස්‌ තොරතුරු හෙළිවීමත් සමග ඇමරිකානු නාසා ආයතනය “නිව් රෝවර්” යානාව එකී ආවාටය අසලට ගොඩබැස්‌සවීමට සැලසුම් කර තිබේ.
ජෝශප් ස්‌නිපර් දක්‌වන අන්දමට විශාල ආවාටයේ සිට සැතපුම් 1000 ක්‌ දුරින් දුම්රිය මාර්ගය විහිදී ඇත.මේ ආවාටය ඛනිජ වස්‌තුවලින් පිරි ස්‌ථානයක්‌ යෑයි ඔහු තවදුරටත් කියා සිටී. අපට වඩා දියුණු පිරිසක්‌ අඟහරු ග්‍රහයා මතුවිට සිටින බව මින් පැහැදිලි යෑයි ස්‌නිපර් කියා සිටියේය.
ඇමරිකානු නාසා ආයතනය “නිව් රෝවර්” නමැති චන්ද්‍රිකාව සහ ඊට අනුබද්ධව ගොඩබැස්‌විය හැකි යානාවන් යෑවීමට සැලසුම් කර ඇත්තේ මේ තොරතුරු නිසාය.
අඟහරු ග්‍රහයා මත දුම්රිය ස්‌ථානයක්‌ අඟහරු ග්‍රහයා මත දුම්රිය ස්‌ථානයක්‌ Reviewed by පුදුමහත on 9:21 PM Rating: 5