පැරණි ලෝකයේ මහා පුදුම - ඊපිසස් හි ආර්ටිමිස් (ඩයනා) දෙව්දුවගේ දෙවොල

ග්‍රීකයන් විසින් ආටිමිස් ලෙසින්ද, රෝමන්වරුන් විසින් ඩයනා යන නමින්ද, හැඳින්වෙන්නේ දඩයමට අදිපති දෙව්දුවයි. ක්‍රි.පු. 550දී පමණ ඊජියන් මුහුදේ නැගෙනහිර වෙරළෙහි ඊපිසස් නම් ස්ථානයේ එම දෙව්දුව සඳහා දෙවොලක් ඉදිකර තිබිණි.මෙම දෙවොලේ දිග මීටර් 122කි.පළල මීටර් 67කි.එහි දෙපේළියට සිට වූ එකක් මීටර් 20ක් උස යෝධ කුළුණු 127ක් විය.දෙවොලේ වහලය රැඳුනේ එම කුළුණු මතය.මෙහි බිම අලංකාර තණබිම් පොකුණු සහ නානාවිධ ගස්වැල් වලින් සමන්විත උද්‍යාන විය.මෙය ග්‍රීක නිර්මාණ ශිල්පය මුළුමනින්ම අනුකරණය කරමින් හැම අතින්ම අංග සම්පූර්ණව තනා තිබුණි.දෙවොලේ බිත්ති මුතු මැණික් හා රන් රිදී ආදියෙන් විවිධාකාරව සරසා අලංකාරකොට තිබිණි.මෙහි ආලංකාරය අසලින් ගිය සංචාරකයන්ගේ මවිතයට හේතුවිය.එම නිසා මෙම දෙවොල පැරණි ලෝකයේ ඉතා ප්‍රසිද්ධ නිර්මාණයක්ව පැවතුනි.
පැරණි ලෝකයේ මහා පුදුම - ඊපිසස් හි ආර්ටිමිස් (ඩයනා) දෙව්දුවගේ දෙවොල පැරණි ලෝකයේ මහා පුදුම - ඊපිසස් හි ආර්ටිමිස් (ඩයනා) දෙව්දුවගේ දෙවොල Reviewed by පුදුමහත on 9:25 PM Rating: 5