පැරණි ලෝකයේ මහා පුදුම - මහෙලිකානසස් හි මොසලියම් සුසාන ස්මාරකය


ක්‍රිස්තු පූර්ව 550 පමණ කාලයේ තුර්කියේ කාරියා නම් රාජ්‍යක් පැවතිණි.එහි රජකම් කල මෝසලස් නම් රජතුමා මිසරයේ පාරාවෝ රජුන් අනුගමනය කරමින් තමන් ජීවත්ව සිටියදීම තමන් මළ පසු තම දේහය තැන්පත් කිරීම සඳහා හෙලිකානස් නම් ස්ථානයේ සොහොන් ගැබක් තැනවීම ආරම්භ කරන ලදි.එහෙත් එය නිමවීමට පෙර රජතුමා මියගියේය.
මේ රජුගේ බිසව වූ ආ'ටිමීසියා එම සොහොන් ගැබේ ඉතිරි කොටස් සම්පූර්ණ කිරීම සඳහා හොඳම නිර්මාණ ශිල්පීන් හතරදෙනෙකු යොදන ලදි.මෙම ස්මාරකයේ සැලැස්ම අදත් ග්‍රීසියේ කෞතුකාගාරයක තැන්පත්ව ඇත.මෙම ස්මාරකයේ උස මීටර් 43ක් පමණවේ.එහි මධ්‍යයේ මෝසලස් රජුගේ දේහය තැන්පත් කර තිබූ මධ්‍යම කුටියට ඉහලින් යටකී උසැති අටල්ල අහසට යොමුව නැගීසිටියේය.මෙම ස්මාරකයේ ග්‍රීක මෝස්තරය අනුව ඉදිකල කුළුනු 36ක් විය.මෙහි ලෝහ කැටයමකින් මෝසලස් බිසව හා රජු යුධ රථයකින් ගමන් ගන්නා ආකාරය නිරූපනය වේ.පසු කලෙක භූමිකම්පාවකින් මේවා විනාශ විය.දැන් ඒවා ලන්ඩනයේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත්කර ඇත.
පැරණි ලෝකයේ මහා පුදුම - මහෙලිකානසස් හි මොසලියම් සුසාන ස්මාරකය පැරණි ලෝකයේ මහා පුදුම - මහෙලිකානසස් හි මොසලියම් සුසාන ස්මාරකය Reviewed by පුදුමහත on 8:43 PM Rating: 5