ස්කොට්ලන්තයේ ගැමි ගෙයකට පියාඹන පීරිසියක් ඇවිත්

පුරා පැය හතරක් තිස්සේ තම නිවස වටා බ්‍රමනය වෙමින් තිබූ පියාඹන පීරිසියක් ගැන ස්කොට්ලන්තයේ ඇබර්ඩීන්ෂයර් ප්‍රදේශයේ පිටිසර ගම්මානයක සිටින යුවලක් සංත්‍රාසයට පත්වී තිබෙනවා.මැදියම් රැයේ ඉතා ප්‍රබල ආලෝක ධාරාවක් තම සිරුරෙහි ගැටෙමින් තිබෙනු දැක බියවූ 50 හැවිරිදි ටොරැග් රීච් මහත්මිය ඉන්පසු තම සැමියා හා දියනිය අවදි කරවා ඔවුන්ට මේ ගැන දන්වා තිබෙනවා.අඩි 20ක් හෝ තිහක් පමණ උඩින් පිහිටි මෙම දීප්තිමත් වස්තුවේ ඡායාරූප ගැනීමට සැමියා වන ස්කොට් සමත්වී තිබෙනවා.හඳුනා නොගත් අභ්‍යවකාශ වස්තූන් පිළිබඳ විශේෂඥයෙකු වන මැල්කම් රොබින්සන් කියන පරිදි මෙම පින්තූර වල කිසිදු හොරයක් හෝ බොරුවක් නොමැති බවයි.
ස්කොට්ලන්තයේ ගැමි ගෙයකට පියාඹන පීරිසියක් ඇවිත් ස්කොට්ලන්තයේ ගැමි ගෙයකට පියාඹන පීරිසියක් ඇවිත් Reviewed by පුදුමහත on 7:37 PM Rating: 5