පැරණි ලෝකයේ මහා පුදුම - මිසරයේ ගිසේහි පිරමීඩ

මිසරයේ නයිල් නදී මිටියාවතේ එක් පෙදෙසක් හැඳින්වෙන්නේ "මළවුන්ගේ මිටියාවත" යන නමිනි.ඊට හේතුව එහි මිසර රජුන්ගේ සිරුරු තැන්පත් කල පිරමීඩ නම් සොහොන් ගෙවල් 80ක් පමණ තිබීමයි.ඒවායින් පිරමීඩය වන්නේ ගිසේ නම් ස්ථානයේ ඉදිකරන ලද මෛසරිනස්, චෙප්‍රන් හා ච්යොප්ස් යන පාරාවෝ රජුන්ගේ පිරමීඩ තුනයි.මෙම පිරමීඩ වසර පන්දහසක් පමණ පැරණි යැයි පිලිගැනේ.
මෙහි ඇති උසම පිරමීඩය වන්නේ චියොප්ස් රජුගේත් බිසවගේත් සොහොන් ගැබයි.එහි උස මීටර 144ක් හා පාදමේ පරිමිතිය මීටර 230ක් පමණ වේ.වර්ග ප්‍රමාණය හෙක්ටයාර 5කි.මේ මැද මහා වංකගිරියක් වැනි උමං මාර්ගයක් ඇත.මධ්‍යයේ ඇත්තේ දේහයන් තැන්පත් කර ඇති මධ්‍යම කුටියයි.මෙම පිරමීඩය තැනිමට එකක් මෙට්‍රික් ටොන් 2.27ක් බර ඇති හතරැස් හුනුගල් කුට්ටි 2,300,000 ක් භාවිතා කර ඇත.මේවා ආනත තල ක්‍රම මගින් ඉහල පහල ගෙන ගොස් ඇතැයි විශ්වාස කරයි.මෙම ගල් දිනකට 300 බැගින් පාරු යොදාගෙන නයිල් ගඟ දිගේ ගෙනෙන ලදි.මෙම පිරමීඩය නිම කිරීමට කම්කරුවන් ලක්ෂයක් අවුරුදු 20ක් පමණ වැඩ කොට ඇතයි ගණන්  බලා ඇත.මෙම පිරමීඩ වල යම් යම් කෝණ අහසේ පෙනෙන ඔරායන් හා සිරියස් තාරකා මණ්ඩල වල ඇති විශාල තාරකා වලට එක එල්ලේ යොමු කර ඇත.
පැරණි ලෝකයේ මහා පුදුම - මිසරයේ ගිසේහි පිරමීඩ පැරණි ලෝකයේ මහා පුදුම - මිසරයේ ගිසේහි පිරමීඩ Reviewed by පුදුමහත on 10:28 PM Rating: 5