අහසින් ආ හිම ගල් වැස්ස



මීට පෙර රතු වැස්සක් කඩා හැළුණු ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ තවත් ගම්මානයකට විශාල ගල් කුට්ටි හා සමාන හිම කුට්ටි වර්ෂාවක් ඇද හැලීම නිසා එම ගම්මානයේ වැසියන් 9 දෙනෙකු සහ හරකුන් සිය ගණනක් හිස පැලී මිය ගොස් ඇත.
විනාඩි 20 ක පමණ කාලයක් මේ හිම වැස්ස පැවති බවත් සහ නිවෙස් ගණනාවක වහළ හිල් වූ බවත් සැනගන්නට ලැබී ඇත.Hail storm ලෙස හැඳින්වෙන හිම කුට්ටි වර්ෂා ගැන මීට පෙරද ලෝක ඉතිහාසයේ අවස්ථා කිහිපයකදීම වාර්තා වී ඇත.
1986 අප්‍රේල්  19 වැනිදා බංග්ලාදේශයට මෙවැනි හිම වැස්සකින් කිලෝග්‍රෑම් එකහමාරක් පමණ බරින් යුකු හිම කුට්ටි කඩා වැටිණි. මෙයින් පුද්ගලයින් 90 ක් මිය ගොස් ඇත.
ඉන්දියාවේ මොරාදබාද් සහ බිහාර් දිස්ත්‍රික්ක වලට වැටුණූ හිම කුට්ටි වැස්සකින් පුද්ගලයින් 296 ක් මිය ගොස් ඇත. මෙය ලොව භයානකම හිම කුට්ටි වැස්සය.
අහසින් ආ හිම ගල් වැස්ස අහසින් ආ හිම ගල් වැස්ස Reviewed by පුදුමහත on 8:03 PM Rating: 5