පිටසක්වල ජීවියකුගේ මළසිරුරක් ශීතකරණයක
රුසියානු කාන්තාවක් විසින් පිටසක්වල ජීවියකුගේ මළසිරුරක් දෙවසරක් පුරාවට
සිය නිවසේ ශීතකරණයක තබාගෙන සිටි බවට වාර්තා වේ.බටහිර රුසියාවේ
පෙට්රොසාවොඞ්ස්ක් නගරයේ වෙසෙන මාර්තා යෙගොරොව්නම් නැමැති මෙම කාන්තාව
පවසන්නේ 2009දී මෙම ජීවියා සොයාගත් බවයි. සිය සොයාගැනීම පිළිබඳව ඔප්පු
කිරීම සඳහා ඇය මෙම ජීවියාගේ ඡායාරූප ද ගෙන ඇත. ජීවියා රැගත් යානාව තම නිවස
සමීපයේ වනාන්තරයට කඩා වැටුණ බවත් සුන්බුන් අතර සිටි මෙම ජීවියා සොයාගත් බවද
ඇය වැඩිදුරටත් පවසා ඇත.
ඡායාරූප වලට අනුව අඩි 2ක් දිගැති මෙම ජීවියා හට විශාල හිසක්, වටකුරු දෑස් හා එක් අතක් ඇත.මේ වන විට වැඩිදුර පරීක්ෂ,ණ සඳහා මෙම සිරුර රාජසන්තක කර තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ඡායාරූප වලට අනුව අඩි 2ක් දිගැති මෙම ජීවියා හට විශාල හිසක්, වටකුරු දෑස් හා එක් අතක් ඇත.මේ වන විට වැඩිදුර පරීක්ෂ,ණ සඳහා මෙම සිරුර රාජසන්තක කර තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.
පිටසක්වල ජීවියකුගේ මළසිරුරක් ශීතකරණයක
Reviewed by පුදුමහත
on
9:26 PM
Rating: